පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති නුවරඑළිය සෙන්පති මැදුරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, එහි භාරකරු මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.
පසුගිය සතියේ මෙහි නවාතැන්ගෙන සිටි මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ ඔවුන් සමඟ පැමිණි 30 දෙනෙකුගෙන් යුත් අමුත්තන් පිරිසක් එම පරිශ්‍රයේ රාත්‍රි සාදයක් පවත්වා තිබෙනවා.
එදින රාත්‍රි 12ත් – 12යි 15ත් අතර වෙඩි ශබ්ද දෙකක් ඇසී ඇති අතර පසුදින පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමේදී මිලිමීටර් 9 වර්ගයේ හිස් පතොරොම් කොපු දෙකක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
