Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැන ගිය බිරිඳගේ වාඩුව ගන්න අහිංසක මවක් ඝාතනය කළ නරුමයින් කොටු වෙයි

4 years ago

සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඇඹිලිපිටියේ හෝටල් හිමියකු සහ ඔහුගේ සගයන් දෙදෙනකු  අත්අඩංගුවට ගන්නා ලදැයි සුරියවැව පොලිසිය පවසයි.

මොවුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අතරවාරයේ නීතීඥයකු සමඟ පෙරේදා රාත්‍රියේ සූරියවැව පොලිස් ස්ථානයට පැමිණ බාරවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

පොලිස් ස්ථානයට පැමිණ භාර වූ මෙම තිදෙනාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගෙන ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර තිබුණේ සූරියවැව වීරියගම වටරවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩ ගමගේ මල්කාන්ති නැමැති පනස් 58 හැවිරිදි කාන්තාවකි.

හෝටල් හිමියා ගේ බිරිඳ ඝාතනයට ලක් වූ මවගේ පුතකු සමග හොර රහසේ පලා යෑම මෙම ඝාතනයට හේතු වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය හෝටලය හිමි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිඳ සිටින තැන දැන ගැනීමට යැයි කියා මල්කාන්ති නැමැත්තිය පැහැරගෙන මෝටර් රථයක දමා ගෙන පලාගොස් පසුව ඇය ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය – ලංකාදීප)