මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මහතා පවසයි.
ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් මඩකළපුව කල්ලඩි පාලම අසලදී පැවති විරෝධතාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
බ්‍රිතාන්‍යයන් දෙමළ ජනතාවගේ ඉරණම සිංහල ජනතාව වෙත බාර දී ගිය දිනේ සිට මේ දක්වා දෙමළ ජනතාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවූ බවත් දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කතා පැවැත්වීම් සිදු කරමින් සිටීම නවතා ඒවා දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමේ කාලය එළැඹ තිබෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට උතුරු නැගෙනහිර පළාත් ජනතාවගේ ඉඩම් රැසක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩම් සිංහල ජනතාව වෙත බෙදා දී තිබෙන බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
