ප්‍රබල භූමි කම්පාවලින් කැලැඹීමෙන් පසු, තුර්කියේ පිහිටීම මීටර් 5 කින් හෝ 6 කින් වෙනස් වී ඇතැයි ඉතාලි භූ විද්‍යාඥ මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පවසයි.
පසුගියදා හටගත් ප්‍රබල භූමි කම්පාවලින් තුර්කිය සහ සිරියාව කැලැඹී ගියේ 15,000 කට වැඩි පිරිසක් බිලි ගනිමිනි.
තුර්කිය සහ සිරියාව අසල්වැසි රටවල් වන අතර ඒවා පිහිටා ඇත්තේ භූ තැටි දෙකකට ඉහළිනි. භූමි කම්පාවක් යනු භූ තැටි දෙකක් එකමත එක ගැටීමය.
“භූමි කම්පාවල ප්‍රබලත්වය හේතුවෙන් මෙම භූ තැටි වෙනස් වුණා. සිරියාවට වඩා වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ තුර්කියටයි. තුර්කිය මේ වනවිට බටහිර දෙසට තල්ලු වීමක් වෙලා තියෙනවා” යැයි මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පැහැදිලි කරයි.
