සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය වෙත දැනුම්දුන් බව ඔහු සඳහන් කරයි.
මේ සඳහා හේතු වී ඇත්තේ ඔහු විසින් අද දිනයේ සංවිධානය කර තිබූ රැස්වීමකට විපක්ෂනායකවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් සහභාගී වීමට නොහැකි බව දැනුම් දුන්නද එම මොහොතේම සංවිධානය කර තිබූ වෙනත් රැස්වීමකට සහභාගිවීමය.
