Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිදිරිදි සැකකරු හදිසියේම මරුට!

4 years ago

පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා පසුගිය වසරේ නිට්ටඹුව නගරයේ දී මැයි 9 වනදා පහරදී ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිරිදි හිටපු යුද හමුදා සෙබලෙකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබළා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි බව පොලිසිය සඳහන් කරයි.

එම බන්ධනාගාර ගත කර සිටි සෙබලාට වැළඳී ඇති පිළිකා රෝගයක් හේතුවෙන් මහර බන්ධනාගාරයේ බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර ඇත.

එම හිටපු යුධ හමුදා සෙබලා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය සදහන් කරයි.