Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව බරපතළ අවදානමක! වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්!

4 years ago

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි.

එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

මේ මොහොතේ පවතින ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදී දේවල් නොමැතිවීම නිසා මුලු පද්ධතියටම විශාල බලපෑමක් ඇති වී ඇති බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ.

එහිදී අදහස් දැක් වූ නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා සඳහන් කළේ මේ සඳහා කඩිනමින් මැදිහත් නොවුණොත් ඉදිරි සුමාන කිහිපයකදී වගේ කාලයක් ඇතුළත විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉන්දියානු මූල්‍ය පහසුකම යටතේ ගෙන්වන ඖෂධවලින් 80% ලංකාවේ ලියාපදිංචි කළ ඖෂධ නොවන බවයි. එය බරපතළ තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.