නෑකමට මාමා සහ බෑණා වන පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් මාමණ්ඩිය ජිවිතක්ෂයට පත් වූ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාල ගැටුමෙන් මිය ගොස් ඇත්තේ හැටන් දික්ඔය ඔටරි වතුයායේ පදිංචි කරුපන් කාමරාජන් (62) නැමති තිදරු පියෙක්.
ඊයේ පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් ඇති වූ ගැටුමක දී බෑණා විසින් මාමා ව තල්ලු කළ අවස්තාවක දී මාමා වැටී හිසට ඇති වූ තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
සැකකාර බෑණා හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් ෆරුඩින් විසින් ඊයේ (09) ස්ථාන පරික්ෂාව සිදු කළා.
