Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 25 යතුරුපැදිය 31 හැවිරිදි තරුණයාට මරු කැඳවයි

4 years ago

බුලත්සිංහල හොරණ මාර්ගයේ ගෝවින්න සල් ගස් හංදියේ දී අද උදෑසන යතුරුපැදියක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි කෞශල්‍ය චාමර නැමැති 31 හැවරිදි පුද්ගලයෙක්.

ඔහු තවත් දෙදෙනෙකු සමග යතුරුපැදිවලින් හොරණ ප්‍රදේශය සිට බුලත්සිංහල දෙසට යන අතරතුර මතුගම සිට හොරණ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙසේ අනතුරට පත් වුණු යතුරුපැදිය රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා බව පොලිසිය සඳහන් කළා.

වැඩි දුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසිය මගින් සිදු කරනු ලබනවා.