Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රීවරුන් 14කට මැතිසබයේ මුල් පුටුවෙහි අසුන් ගැනීමට වරම් හිමිවෙයි

4 years ago

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේදී මුලසුනේ අසුන් ගන්නා සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව වේලු කුමාර්, මයන්ත දිසානායක, ඉම්රාන් මහරූෆ්, හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාරි විජේරත්න, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් , නීතිඥ මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සභාපති නාමාවලියට ඇතුළත් කරනු ලැබ සිටිති.