Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

5000 rupees

හොර නෝට්ටු සමඟ මාට්ටු වූ සරසවි සිසුන්

4 years ago

රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තුනක් සන්තකයේ තබාගෙන සිටි බව කියන අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අක්කරෙයිපත්තු පොලිසිය පවසනවා.

පලතුරු වෙළඳසැලකින් පලතුරු මිලදී ගෙන ඒ වෙනුවෙන් රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් ලබාදී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙම මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බව පලතුරු වෙළඳසැල අයිතිකරුට සැක සිතී ඔහු මේ බව පොලීසියට දැනුම්දී තිබෙනවා.

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන පරීක්ෂාකර බැලීමේදි ඔවුන් සන්තකයේ තිබී තවත් රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක් තිබී සොයා ගෙන තිබෙනවා.

වෙනත් පුද්ගලයකු විසින් මෙම මුදල් නෝට්ටු සැබෑ මුදල් නෝට්ටුවලට මාරුකර දෙන ලෙස පවසා තමන්ට ලබාදුන් බව සිසුන් දෙදෙනා පොලීසියට පවසා තිබෙනවා.

රුපියල් 5000 හොර නෝට්ටු සැබෑ මුදල් නෝට්ටුවලට මාරු කර දීමෙන් පසු ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදුන් පුද්ගලයා ඒ වෙනුවෙන් කොමිස් මුදලක් ගෙවීමට පොරොන්දු වී තිබෙනවා.