Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

maithreepala sirisena

හිටපු ජනපත්‍රී මෛත්‍රීගේ පෙරළිකාර තීරණයට පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය

4 years ago

ඊයේ (11) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභා රැස්වීම ඩර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වු අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභා රැස්වීම පැවති අතර ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ද එක්ව සිටි අතර එහිදී අදාළ යෝජනාව සම්මත වී ඇති බවද වාර්තා වේ.

මේ  අතර එම රැස්වීමෙන් අනතුරුව අදහස් දැක් වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මැතිවරණයක් පවතින අවස්ථාවක 13වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කතා කිරීම සුදුසු නොවන බවයි.