Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී වැටුප් දෙක බැගින් ලබනා රාජ්‍ය සේවකයින් සිටිනා රාජ්‍ය ආයතනය

4 years ago

සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙලෙස නිවාඩු ලැබූ අයගෙන් බහුතරය මෙරට වෙනත් රැකියාවල යෙදී සිටිමින් තවත් වැටුපක් ලබන බවද අනාවරණය වී ඇත.

ඊට අමතරව ඔවුන් විශ්ව විද්‍යාලයෙන් ද වැටුප් ලබන අතර ඒ අනුව ඔවුන් වැටුප් දෙකක් ලබන බවද අනාවරණය වී ඇත.

සප්ත වාර්ෂික නිවාඩුව ලබන කාලය තුළ මෙම අධ්‍යයනය සේවකයන් ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු නොවන බවද විගණන් අංශ පෙන්වා දෙයි.