භාවිතයට නුසුදුසු වර්ගයේ විෂ සහිත පොල්තෙල් තොගයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවට සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ මෙලෙස ගෙන්වා ඇති පොල්තෙල් කිසිදු ලෙසකින් මිනිස් පරිභෝජනයට භාවිත කිරීමට නුසුදුසු බවයි.
කෙසේවෙතත් මෙවැනි ආකාරයේ විෂ සහ පිළිකාරක ද්‍රව්‍යය අඩංගු පොල්තෙල් දිවයිනට ගෙන්වා ඇති බවට මින් පෙරදීද හෙළි විය.
එහිදී හෙළි වූයේ, ලංකාවට ගෙන්වා ඇති පොල්තෙල්වල පිළිකාරක ද්‍රව්‍යයක් වන ඇෆ්ලටොක්සීන් නමැති විෂ රසායනිකය අඩංගු වන බවයි.
මෙම විෂ රසායනිකය හටගන්නේ පොල්තෙල් සිඳීමට ගන්නා කොප්පරාවල කාලයක් තිස්සේ සිට මතුවන පුස් වර්ගයක් හේතුවෙන් බව ද අනාවරණය වුණා.
මින් පෙර ආනයනය කළ විෂ පොල්තෙල් සම්බන්ධයෙන් තවමත් විමර්ශනයන් සිදුවන මොහොතකදියි යළිත් ශ්‍රී ලංකාවට මෙම විෂ පොල්තෙල් තොගය ගෙන්වා ඇති බවට අදාළ සති අන්ත පුවත්පත කරුණු අනාවරණය කර ඇත්තේ.
