Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළිං පතුලක සැඟව ගිය මල් කැකුළ

4 years ago

කරන්දෙණිය, මහගොඩ ප්‍රදේශයේ නිවසක් අසල අනාරක්ෂිත ළිදකට වැටී සිව්වැවිරිදි පිරිමි දරුවෙක් අද (12) පෙරවරුවේ මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

දරුවා නිවසේ නොමැති බව දැනගත් නිවැසියන් ඒ පිළිබඳව සොයා බැලීමේ දී නිවසට යාබදව පිහිටි ඉඩම පරීක්ෂා කළ අවස්ථාවේ ළමයා පැළඳ සිටි පාවහන් ළිදේ පාවෙමින් තිබිය දී හමුව තිබෙනවා.

පසුව ළිං පතුල පරීක්ෂා කිරීමේ දී ළමයාගේ සිරුර හමුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.