එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිතිකරණයෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඊයේ(12) සමත් විය.
අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුනගේ පළමු කඩුලු 4 ලකුණු 44ක් තුළ බිඳ වැටුණි.
අනතුරුව සෑම් බිලින්ග්ස් සමග පිටියේ එක් වූ හසරංග 5 වැනි කඩුල්ල සදහා පන්දු 37 කින් ලකුණු 72 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගීය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හසරංග පන්දු 21 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර ඔහු පන්දු 27කදී ලකුණු 55ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඇතුළත් විය.
වයිපර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් ලබා ගනිමිනි.
තරගය ජය ගැනීම සදහා ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය ගල්ෆ් කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
ක්‍රිස් ලින් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේ පන්දු 50 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9 ක් සමගින් ජෙරාඩ් එරාස්මස් ලකුණු 30 ක් හා ශිම්රන් හෙට්මයර් පන්දු 13 කින් නොදැවී ලකුණු 25 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණා.
පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 28 කට කඩුල්ලක් දවා ගත් අතර, ටොම් කරන් හා ලුක් වුඩ් අතරේ ද කඩුල්ල බැගින් බෙදී ගියා.
