විභාග රාජකාරිවල නිරත වීම හා උත්තර පත්‍ර පරීක්ෂාව වෙනුවෙන් ගෙවන මුදල ප්‍රමාණවත් නොවීම නිසා, ඇගයුම්කරුවන්ගේ දෛනික දීමනා වැඩි කර ඇති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පවසති.
ඒ අනුව, ප්‍රධාන පරීක්ෂකවරුන්ට දින 20ක් සඳහා රු. 3000 බැගින් වන දෛනික දීමනාවක් ගෙවන අතර 2020/21 වර්ෂවල පැවති රු.500ක එම දෛනික දීමනාවට සාපේක්ෂ ව මෙය රු. 2500ක වැඩිවීමක් වේ.
අතිරේක පරීක්ෂකවරුන් හා සහකාර පරීක්ෂකවරුන් 14,300ක් සඳහා ද මෙම රු. 3000ක දෛනික දීමනාව ගෙවන අතර සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා මින් පෙර 2020/21 වර්ෂවල කිසිදු දෛනික දීමනාවක් නොලද ප්‍රධාන හා සහකාර පරීක්ෂකවරුන් සඳහා ද මෙම දීමනාව හිමි වන බවයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සඳහන් කරන්නේ.
ගෙවන මුදල ප්‍රමාණවත් නොවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට දැනුම් දීමෙන් අනතුරුව මෙලෙස සාධනීය ප්‍රතිචාර ලැබුණු බවයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පෙන්වා දෙන්නේ.
