කොච්චිකඩේ – තෝප්පුව පාලමෙන් මා ඔයට පැන ඊයේ (12) දහවල් පාසල් සිසුවෙක් අතරුදන්ව තිබෙනවා.
මෙලෙස මා ඔයට පැන ඇත්තේ මඩම්පැල්ල – අකරගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙක්.
මෙම සිසුවා මීට පෙර තවත් සිසුවෙකුගේ ජංගම දුරකථනයකට හානිකර ඇති අතර එම අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් කොටස් වශයෙන් ගෙවීමටයි දෙපාර්ශ්වය පොලීසියේදී එකඟතාවයකට පැමිණ ඇත්තේ.
ඒ, අනුව එලෙස ගෙවීමට තිබූ මුදල් වලින් කොටසක් ලබාදීමට යන බව පවසමින් නිවසින් පිටත්ව ඇති මෙම සිසුවා මෙලෙස තෝප්පුව පාලමෙන් මා ඔයට පැන ඇති බවයි හෙළිව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් කොච්චිකඩේ පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
සිසුවාගේ දේහය සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම් හා පොලිස් කණ්ඩායම් එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
