Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී වැරදීමකින් ආරක්ෂක අංශ තුවක්කුවක කොකා ගැස්සෙයි! විසි පස් හැවිරිදි දෙදරු මවක් ජීවිතක්ෂයට!

4 years ago

බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය වැරදිමකින් ක්‍රියාත්මක වීමෙන් තරුණීයක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන් පිරිසක් බොරැල්ල සහස්‍රපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවු මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණීයක් බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මියගිය තරුණීයගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ ඇතැයි සඳහන් කරන පොලිස් මාධ්‍ය ඒකකය සිද්ධිය සම්බන්ධයෙනන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයිද සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මෙහෙයුමට සම්බන්ධ වූ හමුදා සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.