රාජ්‍ය අංශයේ සියළුම ආයතන වල ගෙවීම් සහ අය කිරීම් සඳහා විද්‍යුත් ගෙවීම් පහසුකම් සැලසීම අනිවාර්ය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියමාර්ග ගන්නා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
තාක්ෂණ අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලදි.
මහජනතාවට, රාජ්‍ය ආයතන වෙත ගොස් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල විද්‍යුත් ගෙවීම් (Electronic Payment) සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් බොහෝ රාජ්‍ය ආයතන වල නොමැති බව හඳුනා ගෙන තිබේ.
2023 අයවැය මඟින් තාක්ෂණ අමාත්‍යාංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන අතර ඒඅනුව ඉදිරියේදී රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් සහ අයකර ගැනීම් සදහා විද්‍යුත් ගෙවීම් පහසුකම සැලසීම අනිවාර්ය කෙරෙනු ඇත.
මේ යටතේ සියළු රාජ්‍ය ආයතන සඳහා එළඹෙන ජූලි මාසය වන විට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සහ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට පියවර ගන්නා බව තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සංවර්ධන) ජනක සම්පත් ගීකියනගේ සඳහන් කරයි. මීට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම මෙන්ම අවශ්‍ය සැලසුම් සකස් කිරීම හා තීරණ ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු ප්‍රධාන රජයේ ආයතනවල ආයතන ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර අවශ්‍ය පියවර මේ වනවිටත් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කරයි.
