විවාහ මංගල්‍යයක් අතරතුර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ චීනයේ අදාළ සිදුවීම වී ඇති බවටය.
පසුගියදා පැවති එම විවාහ මංගල්‍යය අතරතුරදී මනාලයාගේ හිටපු පෙම්වතියන් රැසක් සංවිධානය වී විරෝධතාවයක නිරතව ඇත.
එහිදී තරුණියන් පිරිසක් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙම කිසිවෙකු නොසිතූ අත්දැකීමට මුහුණ දී ඇත්තේ චෙන් නමැති අයෙකි.
කෙසේ වෙතත් එහිදී අදාළ මනමාලයා විසින් විරෝධතාවයේ නිරත වූ ඔහුගේ පැරණි පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
තමන් අතීතයේ හොඳ පෙම්වතෙකු නොවුණු බව පවසා ඇතිමුත් ඔහු පැරණි පෙම්වතියන්ගෙන් වෙන්වීමට නිශ්චිත හේතුවක් සඳහන් කර ඇත.
එසේම ඔහු එහිදී සඳහන් කර ඇත්තේ සියලුදෙනාම තම පෙම්වතියන්ට සත්‍යවාදී විය යුතු බවය.
