Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දහසය ගැවිරිදි සිසුන්ගේ හෙල්මට් පහරින් එක්දරු පියාට දිවි අහිමි වෙයි

4 years ago

මාර්ගයේ ගමන් කිරීමේ දී ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ තරුණ පිරිසක් විසින් සිදුකළ පහර දීමෙන් එක්දරු පියෙකු ඝාතනයට සම්බන්ධ තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 හැවිරිදි වියේ පසුවන තරුණයින් තිදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

වැලිපැන්න ප්‍රදේශයේ මාර්ගයක ගමන් කිරීමේ දී වූ කතාබහක් දුරදිග යාමෙන් ඊයේ (14) රාත්‍රියේ තරුණ පිරිසක් විසින් අදාළ පුද්ගලයාට හෙල්මට්වලින් පහර දී තිබුණා.

එම පහරකෑමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා අලුත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නැමැති 34 හැවිරිදි වියේ පසු වූ අයෙක්.