මඩොල්සිම, පිටමාරුව ගම්මානයේදී මිතුරන් දෙදෙනෙකු අතර පෙරේදා (පෙබ. 13) රාත්‍රී 8.00ට පමණ ඇතිවූ ආරවුලක් නිසා එක් අයෙක් අනෙකාගේ වෘෂණ කෝෂ කපා දැමීමට උත්සහ කර ඇතැයි පොලිසිය පවසයි.
එල්ල කළ පිහි පහර හේතුවෙන් ඔහුගේ වෘෂණ කෝෂවලට සුළු කැපුම් තුවාල සිදු වී පාදයකට ද කැපුම් තුවාල සිදු වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරු, තුවාලකරුට කුකුළන් දෙදෙනෙකු පාලනයට භාර දී ඇති අතර ඉන් එක් කුකුළෙකු අතුරුදන් වීම හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ය.
අතුරුදන් වූ කුකුළා උකුස්සෙකු ඩැහැගෙන ගොස් ඇතැයි පැවසීමත් සමග කුපිත වූ සැකකරු තමාගේ වෘෂණ කෝෂවලට පිහි පහරක් එල්ල කළ බව තුවාලකරු පවසා තිබේ.
අනතුරුව ඔහු පස්සර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට එවා ඇති අතර 41 හැවිරිදි ඔහුගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මඩොල්සිම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
