Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැලන්ටයින් තොරණක් හේතුවෙන් ජපුර සරසවියේ දෙපිරිසක් ගැටේ

4 years ago

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුමක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ගැටුමකට හේතු වී ඇත්තේ, වැලන්ටයින් දිනයේදී ඉදි කළ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකි.

පසුව පොලීසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර ඇති අතර තුවාල ලැබූ සිසුන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත.