Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

choclate

වැලන්ටයින්දා 14 හැවිරිදි පෙම්වතියට මත් චොක්ලට්දී පෙම්වතා යාළුවන් දෙදෙනෙක් සමඟ එක්ව දූෂණය කරලා

4 years ago

වැලැන්ටයින් දිනය සැමරීම සඳහා සිය පෙම්වතියට මත්ද්‍රව්‍ය කලවම් කළ චොකලට් එකක් ලබා දී මිතුරන් දෙදෙනෙකු සමග එක්ව ඇයව දූෂණය කළ පුවතක් කිළිනොච්චිය – පූනරින් ප්‍රදේශයෙන් වාර්තා කරනවා.

14 හැවිරිදි පෙම්වතියව 17 හැවිරිදි පෙම්වතා විසින් කැඳවා අදාල චොක්ලට් වර්ගය ලබා දී ඇය සිහි මූර්ජා වීමෙන් අනතුරුව සිය මිතුරන් දෙදෙනෙකු ද සමඟ එක්ව දූෂණය කොට ඇති බවයි වාර්තා වන්නේ.

දූෂණයට ලක් වූ තැනැත්තියගේ පෙම්වතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු මෙන්ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නියැලෙන්නෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔහු සමග එක්ව අදාල තරුණියව දූෂණය කොට ඇති අනෙක් තරුණයින් දෙදෙනාද ප්‍රධාන සැකකරු සමඟ එකට මත්ද්‍රව්‍ය භාවිත කරන අය බවයි අනාවරණය වී තිබෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුනරීන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.