රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භයේ පටන් මේ වන තුරු යුක්රේනියානු ළමුන් 6000කට අධික ප්‍රමාණයක් රුසියාවේ සහ ක්‍රිමියාවේ පිහිටි කඳවුරුවල රඳවා ගනිමින්, ඔවුන්ව දේශපාලන අධ්‍යාපනයට යොමු කිරීම, හමුදාමය වශයෙන් පුහුණු කිරීම සහ බලහත්කාරයෙන් දරුකමට හදා ගැනීමට ආදී වූ හිංසනයන්ට රුසියාව විසින් භාජනය කරන බවට අමෙරිකානු වාර්තාවක් හෙළිදරව් කරනවා.
යුක්රේනයේ රුසියානු යුද අපරාධ පිළිබඳ සාක්ෂි එක්රැස් කිරීම සඳහා පිහිටුවා ඇති මෙම පර්යේෂණාගාරයේ අදාල වාර්තාව එළි දක්වා ඇති පර්යේෂකයන් පවසන්නේ මෙලෙස යුක්රේනියානු ළමුන් රඳවාගෙන සිටින කඳවුරු 43ක් පමණ රුසියාවේ සහ ක්‍රිමියාවේ පවතින බවයි.
යුක්රේනයේ දරුවන් සම්බන්ධයෙන් නිකුත් කරන දැවැන්ත අනතුරු ඇඟවීමක් ලෙස සලකන්න මෙන් ඉල්ලා සිටින මෙම වාර්තාව මගින් අනාවරණය කරන්නේ මෙම කඳවුරුවල වයස අවුරුදු 17 සිට මාස 17 දක්වා ළමුන් 6,000 කට වඩා වැඩි පිරිසක් රුසියානු අත්අඩංගුවේ පසුවන බවයි.
අදාල පර්යේෂණ වාර්තාව මගින් මෙම කඳවුරු ජාලයේ පිහිටීම සටහන් කරන්නේ, නැගෙනහිර පැසිෆික් වෙරළ, ඇලස්කාවට ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බවයි.
මෙම කඳවුරුවල අත්අඩංගුවේ පසුවන ළමුන්ට සඳහා අවම පහසුකම් යටතේ දේශපාලන අධ්‍යාපනය ලබා දෙන බවත් එහි දී ඔවුන්ව දරුකමට හදා ගැනීම සඳහා වූ බලහත්කාර උත්සහායන් රැසක් පිළිබඳවත් කරුණු වාර්තා කරන බව වොෂින්ටන් පෝස්ට් ඇතුළු විදෙස් පුවත් වාර්තා ගණනාවක් ම වාර්තා කරනවා.
කෙසේ නමුත් එම වාර්තාව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස CNN පුවත් ඒජන්සිය විසින් වොෂින්ටනයේ රුසියානු කාර්යාලයෙන් ඉල්ලා ඇතත් තවමත් ඒ සඳහා රුසියානු පාර්ෂවයෙන් පිළිතුරක් ලැබී නැහැ.
