රටේ පළාත් පාලන මැතිවරණය කල් දමමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණයක් කැඳවීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිටත් බෙදුම්වාදීන් ඇතුළු විවිධ කල්ලි කණ්ඩායම් සනසමින් සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔවුන්ගේ ඡන්ද කොටස ලබාගැනීමේ අරමුණින් බවද මන්ත්‍රී ජයන්ත සමරවීර සදහන් කරයි.
රටේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ආදී බෙදුම්වාදී උවමනා ක්‍රියාත්මක කරවීමටත් පොරොන්දු දෙමින් ඇති බවත් ඔහුගේ ජාත්‍යන්තර ස්වාමිවරුන්ගේ සහායද මේ සදහා ලැබෙමින් ඇති බවද මන්ත්‍රී ජයන්ත සමරවීර සදහන් කරයි.
