Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පක්ෂ කාර්යාලය විවෘත කිරීමට ආරාධනා නොකළාට කෝප වූ පුද්ගලයෙක් තිදෙනෙකුට කඩුවෙන් කොටයි

4 years ago

මාවීඇල මොරගනේ ප්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට ආරාධනා නොකළැයි  කියමින් කඩුවක්ද රැගෙන එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි තිදෙනකුට කඩුවෙන් පහරදීම නිසා ඔවුන් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කුලියාපිටිය කටුපොත පොලිසිය පවසයි.

කඩුවෙන් කෙටු බව කියන මීගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයක් විවෘත කර ඇති බව දැනගත් මෙම පුද්ගලයා එම කාර්යාලය පිහිටි ස්ථානයට  කඩුවක් ද අතැතිව කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.

පක්ෂ කාර්යාලය විවෘත කරන බව තමාට කිව්වේ නැත්තේ මන්දැයි කියා විමසමින් එම පුද්ගලයා එතන සිටි අය සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
(ලංකාදීප)