Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහතට

4 years ago

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල අද (පෙබ. 16) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව, අර්තාපල් අල, ලොකු ළූණු, සම්බා සහල් (ආනයනික), රතු පරිප්පු, රතු කැකුළු (දේශීය), සුදු කැකුළු (ආනයනික) සහල්වල මිල පහළ දමා ඇත.

අර්තාපල් අල කිලෝග්‍රෑමයක මිල රුපියල් 20කින් ද ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් ද සම්බා සහල් (ආනයනික) කිලෝග්‍රෑමයක මිල රුපියල් 7කින් ද රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 7කින් ද රතු කැකුළු (දේශීය) කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ද සුදු කැකුළු (ආනයනික) කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ද පහළ දමා තිබේ.