Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි කප්පාදුව සම්බන්ධ නවතම තීරණය මෙන්න! ජනපතිගෙන් විදුලිබල මණ්ඩලයට උපදෙස් මාලාවක්!

4 years ago

අද (16) සිට බොහෝ දුරට විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවනු ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි නිලධාරියෙකු අප කල විමසීමකදී දැනුම් දුන්නේ මේ තීරණය සම්බන්දයෙන් සුබදායි තත්වයක් දැනට පවතින බවයි.

විදුලි ගාස්තු 66% කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිය බල මණ්ඩලයට ඊයේ (15) අවසර ලබා දුන්නා.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

එමෙන්ම ආගමික ස්ථාන හා රජයේ අධ්‍යපන ආයතන සඳහා සූර්ය පැනල ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.