යළිත් වතාවක් විදුලි බිල 63%කින් ඉහළ දැමීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග සියලුම නිමි ඇදුම් මිල 20%කින් ඉහළ දැමීමට සිදුවන බව ඇගලුම් නිෂ්පාදකයෝ සදහන් කරයි.
විදුලි බිල වැඩි කිරීම නිසා සිදුවන අසීරුතාවයට තමන්ට හෙණ නොඉල්ලන ලෙසත්, තීන්දු තීරණ ගන්නා ටයිපටි නිලධාරීන්ට හෙණ ඉල්ලන ලෙසද ඇගලුම් නිෂ්පාදකයෝ සදහන් කරයි.
විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර අනීතිකව විදුලි බිල වැඩි කර ඇති බවත් එය සමස්ත කර්මාන්ත පද්ධතියටම බරපතල ප්‍රශ්නයක් බවත් කර්මාන්ත පද්ධතිය එනිසා කඩා වැටෙන බවද ඇගලුම් නිෂ්පාදකයෝ සදහන් කරයි.
තවද අකමැත්තෙන් වුවද ආහාර දවටන වල මිල සියයට 15%කින් 20%කින් වැඩි කිරීමට සිදුවන බවත් රටේ ජනතාව තමන්ට හෙණ නොඉල්ලන ලෙසත් විදුලිබල ඇමතිට හෙන ඉල්ලන ලෙසද ඇගලුම් නිෂ්පාදකයෝ සදහන් කරයි.
