Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජර්මනියේ ක්ෂ්‍රේත්‍ර 43ක රැකියා වරම් දිනාගන්න ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවක්! හැකි ඉක්මනින් අයදුම් කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම්දීමක්!

4 years ago

ජර්මනියේ තොරතුරු තාක්ෂණ ඉදිකිරීම් සහ සත්කාරක සේවා ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ යටතේ රැකියා කාණ්ඩ 43ක් පවතින බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ජර්මනියේ මෙම රැකියා සඳහා කැමැත්තක් දක්වන රැකියා අවස්ථා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව වැඩ සටනක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සඳහා ජර්මානු භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය වන බවයි කාර්යාංශය සඳහන් කළේ.

රැකියා ලබාගැනීම වෙනුවෙන් අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ දත්ත ලේඛණයක් නිර්මාණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව හෙට (17) දිනට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යන www.slbfe.lk වෙබ් අඩවියට පිවිස තම ජීව දත්ත පත්‍රිකා ඉදිරිපත් කරන ලෙසටයි මෙම ක්ෂේත්‍රවල රැකියා සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන්නේ.