Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය ටෙලි නිළියකට අධිකරණයෙන් අපූරූ පාඩමක්! මිලියන 5ක වන්දියක් ගෙවන්නත් නියම වෙයි!

4 years ago

ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඊයේ (පෙබ. 15) ටෙලි නිළි රුචිනි ටනාෂා හතරසිංහට නියෝග කළාය.

මිත්තණිය විසින් තම මිනිපිරිය වන එම නිළියට සිය ප්‍රාණ භුක්තිය තබා එම නිවස ලියා දීමෙන් අනතුරුව මිනිපිරිය වන එම නිළිය මිත්තණිය වෙත ආදරයෙන්, කරුණාවෙන් සලකා නොමැති බවත් ඒ අනුව ඇයගේ එම ක්‍රියාව ඉතාමත් අකාරුණික, ගුණමකු ක්‍රියාවක් බවට නිගමන කරමින් රුපියල් මිලියන 5ක වන්දියක්ද, දේපල නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපි තිස්දහස බැගින් දීමනාවක් මිත්තණියට ගෙවන ලෙසද විනිසුරුවරිය විත්තිකාරිය හට නියම කළා ය.

මෙම නඩුවේ පැමිණිලිකාර මිත්තණිය වැඩි බර සහිතව සිය පැමිණිල්ල ඔප්පු කර ඇති බවත්, අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි අනුව විත්තිකාර මිනිපිරිය ස්තුති පූර්වක හැඟීමකින් කටයුතු ද නැති බවත් සඳහන් කරමින් පැමිණිල්ලේ වාසියට තීන්දුව ලබා දෙන බව විනිසුරුවරිය සඳහන්ය.

හැත්තෑ දෙහැවිරිදි ජයන්ති පෙරේරා යන මිත්තණිය විසින් ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ශිල්පී මිනිබිරියට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය මෙලෙස සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග නිකුත් කළාය.

මෙම නඩුව 2016 වසරේ ගොනු කර ඇති අතර කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ 1972 වසර සිට සිය දරුවන් සමග ජීවත් වූ මිත්තණිය සිය පවුලේ 2010 වසරේදී ප්‍රාණ භුක්තිය තබා ගනිමින් අගස නිවෙස පවරා දී ඇති බවත් එම නිවස පවරා පෙර මිත්තණිය සමග කුලුපගව ආදරෙන් සිදු විත්තිකාරිය ඔප්පු ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහල අලුත්වැඩියා කිරීමට ඇති බව පවසා මිත්තණිය ගෙදරින් පිට කර ඇති බවත්, ඉන්පසුව මිත්තණිය සිටීද? නොසිටීද? යන්න පවා සොයා බැලීමටවත් දුරකතන ඇමතුමක් හෝ ලබා දීමට කාරුණික වී නොමැති බව ත් අධිකරණයේදී අනාවරණය වී ඇති බව විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කළාය.

ප්‍රාණ භුක්තිය තබාගනිමින් දේපළ පවරා දුන් මිත්තණියට ආදරය, කරුණාව නොදක්වා අකාරුණිකව, අකෘතඥතාවෙන් හා ගුණමකුව සලකා ඇතැයි තීන්දු කරමින් මෙම නියෝගය නිකුත් කළ කොළඹ දිසා අධිකරණය රුපියල් මිලියන 5ක වන්දියක්ද, දේපළ නීත්‍යනුකූලව පවරා දෙන තෙක් මසකට රුපියල් තිස් දහස බැගින් දීමනාවක්ද මිත්තණියට ගෙවන ලෙස නියෝග කළාය.

දේපළ පවරා දුන් මිත්තණියට අකාරුණික වූවායු පමණක් නොව, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දීමේදී ගරුසරුවක් නොමැතිව කතා කර ඇති ද විනිසුරුවරිය සිය තීන්දුව මගින් සඳහන් කළාය.

තම මිත්තණිය හෘද රෝගයෙන් පෙළෙන බව නොදන්නා බවත් ඇය ඒ බව තමන් හට පැවසුවා නම් ඇයට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වියදම් ලබා දෙන බවත් මෙම නඩුව ගොනු කරන තෙක් ඇයව මුණ නොගැසුණු බවත් විත්තිකාරිය අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇති බව විනිසුරුවරිය සිය තීන්දුවේදී පැවසුවාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉරාජ් ද සිල්වා සමග නීතිඥ එස්. ජනගන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නලින් සමරකෝන්ගේ උපදෙස් පරිදි නීතිඥ නිරංජන් ද සිල්වා පෙනී සිටියේය.