Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සාදයක් අතරතුර එල්ල වූ ප්‍රහාරය

4 years ago

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ සහ ඔහුගේ රසිකයින් කිහිප දෙනෙකු අතර මුම්බායි හි සුඛෝපභෝගී හෝටලයක පැවති සාදයක් අතරතුර ගැටුමක් හටගෙන තිබේ.

ගැටුම හටගෙන ඇත්තේ එම රසිකයින්, ඔහු සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට උත්සාහ කිරීමත් සමගය.

ගැටුම අතරතුර බේස්බෝල් පිති ද භාවිත වී තිබූ බව වාර්තා වෙයි.

ඒ අනුව, ප්‍රිත්වි ෂෝ ට සහ ඔහුගේ මිතුරාට පහර දී, ඔහුගෙන් ඉන්දීය රුපියල් 50,000ක කප්පමක් ඉල්ලීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.