Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නගරය මැද තරුණියකගෙන් පොලිස් නිළධාරියෙකුට වූ ප්‍රහාරය

4 years ago

හෙල්මට් නොමැතිව යතුරුපැදියක ගිය තරුණියක් ඇය නවත්වා පරීක්ෂා කළ පොලිස් නිලධාරියෙකුට පහර දී යතුරුපැදිය ද එම ස්ථානයේ දමා පළා ගිය පුවතක් ජාඇල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ දී මෙය සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමේ දී ඇයගේ පදිංචිය හඳුනාගෙන ඇති අතර, කඳාන ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේ නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ යම් මානසික ගැටලුවක් නිසා ඇය මෙලෙස කටයුතු කර ඇති බව යි.

ඒ අනුව තරුණිය පොලිසියට කැඳවා ඇති අතර, කරුණු විමසීමෙන් පසු ඉදිරි පරීක්ෂණ සිදු කරන බව යි ජාඇල පොලිසිය කියා සිටියේ.