Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරත් ෆොන්සේකාගේ ජනපති සටනට සහය දැක් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට මාස 06ක සිර දඬුවම්

4 years ago

2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42 ක මුදලක් ලබාදීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට කොළඹ මහාධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කළා.

අමතරව විත්තිකරුට රුපියල් පන්සීයක දඩයක් ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබෙන්නේ නම් අමතරව තවත් මාසයක සිර දඬුවම් නියම කරන බවයි තීන්දුවේ සඳහන් වී ඇත්තේ.

එමෙන්ම වසර හතක කාලයක් විත්තිකරුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට නියෝග කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ.