Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිව්දෙනෙකු සමඟ ත්‍රී රෝද රථයක් අඩි 700ක ප්‍රපාතයකට පෙරළෙයි

4 years ago

කොලොන්න දෙනියාය රක්වාන මාර්ගයේ ජම්බුගස්වැටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අඩි 700ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

මෙම අනතුර හේතුවෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 62ක පුද්ගලයෙක් සහ වයස අවුරුදු 61ක කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

එම කාන්තාවගේ වයස අවුරුදු 62ක් වන ස්වාමි පුරුෂයා සහ වයස අවුරුදු 24 ක් වන ත්‍රිරෝද රථයේ රියදුරා බරපතල තුවාල සහිතව කොලොන්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සැක කරන්නේ දැඩි බෑවුම් සහ වංගු සහිත මෙම මාර්ගයේ නොසැලකිලිමත් ලෙස සිදුකළ රිය ධාවනය හේතුවෙන් මෙම මරණ සහ අනතුර සිදුවන්නට ඇති බවටයි.