අද (18) දින උදෑසන තම රැකියාවට පිටත්වීම සදහා දුම්රිය ස්ථානයට පැමිණ දෙදරු මව දුමිරිය එන්ජිමක ගැටී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි.
නොම්මර එක දුම්රිය ස්ථානයට ළගාවන මරදාන බලා ධාවනය වන දුම්රියෙන් කොළඹ දෙසට ගමන් කිරීමට පැමිණ ඇති අතර විරුද්ධ මංතීරුවෙන් කොළඹ දෙසට ධාවනය වු දුම්රිය එන්ජිමේ ගැටී එම ස්ථානයේදීම එම කාන්තාව මියගොස් ඇත.
දුමිරිය එන්ජිමක ගැටී මියගොස් ඇත්තේ මහ වස්කඩුව, සිරිල් මාවතේ පදිංචිව සීටී සමරවීර මුදලිගේ චින්තා ප්‍රියදර්ශනී නමැති 36 හැවිරිදි දෙදරු මවකි.
