Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශරීර කොටස් 8ක් දන් දෙමින් ජීවිත රැසකට එළිය දෙමින් නිසල වූ 15 හැවිරිදි දියණිය

4 years ago

පසුගිය 15 දා 15 හැවිරිදි පාසල් දැරියක්‌ තවත් ජීවිත ගණනක් වෙනුවෙන් තම ශරීර අවයව දන් දී මෙලොවින් සමු ගත් පුවතක් වාර්තා වෙනවා.

මෙසේ දිවියෙන් සමු ගත්තේ නිසලී ලෝසඳී කිරිවැන්දල නමැති 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් දැරියක්‌ වෙනවා.

පසුගිය 03 දා අමතර පන්තියකට සහභාගි වී මිතුරකු සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී මීගොඩ පාදුක්ක මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

පසුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය දියණියගේ හදවත, වකුගඩු, පෙණහලු, ඇටමිදුළු, ඇස් ඇතුළු ශරීර අවයව කොටස් අටක් තවත් ජීවිත ගණනක් වෙනුව‍ෙන් දන් දුන් බවයි වාර්තා වෙන්නේ.