Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය විවෘත කිරීම හෙට හන්තානේදී

4 years ago

මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය (Hanthana Bird Park) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් හෙට (20) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

හෙට පස්වරු 3ට එම උද්‍යානය විවෘත කෙරන අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ ලබන 23 වනදායි.

හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටි අක්කර 27ක භූමියකින් යුතු මෙම විදේශීය පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂි වර්ග 200කට අධික සංඛ්‍යාවකින් යුක්ත වන අතර දුර්ලභ විදෙස් පක්ෂින් ද මේ අතර වනවා.