Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවුල් ආරවුලකට නිවසක් ගිනි බත් කරයි!නරුම පිය පුතු දෙපළ නිවසේ සුනඛයා ගිනි ගොඩට විසි කරයි!

4 years ago

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල, මහබෙල්ලන, කොස්කහවත්ත ප්‍රදේශයේ නිවසකට ගිනිතබා හානිකර ඇති බව වාර්තා වනවා.

එහිදී ගිනි තැබීමට පැමිණි පුද්ගලයින් විසින් අදාළ නිවසේ සුරතලයට ඇති කරන ලද “ටිමී” නැමති සුනඛයා ද ගින්නට විසිකර ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

නිවසට ගිනි තිබූ බව කියන පිය පුත් දෙපළක් පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා වෘත්තියෙන ත්‍රිරෝද රථ රියදුරන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා අතරින් පුත්‍රයා මෙම නිවසේ තරුණිය සමඟ විවාහව සිට ඇති අතර වසරකට ඉහතදී පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන්ව ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.