Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට බාලගිරි දෝෂය උදාවෙයි! ගුරු ගැටලුවක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්!

4 years ago

අද සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කල් දමා තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ, ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් අයැදුම් නොකිරීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීම් කල් දැමීමට සිදු වූ බවය.

ඇගයීම් සඳහා ලබා දෙන දීමනා පිළිබඳ ගැටලුවක් මීට හේතු වී ඇති අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පිළිතුරු පත් ඇගයීමේ දීමනා ඉහළ නංවන ලෙස කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවට අනුමැතිය ලැබුණු බවයි.