Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිය මිලට ගැනීමට නව මිල සූත්‍රයක්

4 years ago

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීමට සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සූත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

වසර 20 ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාතය සහ ඉදිකිරීම් සිදු කිරීමේදී විදේශ විනිමය අනුපාතයන් සහ අනෙකුත් වියදම් සැලකිල්ලට ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.

නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් සකස් කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් සමග එහි අවසන් වාර්තාව පිළිබඳව සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.