බිරියට ඉතාලියට එන ලෙසට කීප වතාවක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා සිත් තැවුලට පත් ස්වාමි පුරුෂයෙකු ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ඉහල වලහපිටිය නාත්තන්ඩිය පදිංචි එම්.පී.සුරංග ප්‍රනාන්දු (26) හැවැරිදි තැනැත්තෙකි.
එම්.පී.ලක්ෂාන් ප්‍රනාන්දු (24)මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.මිය ගොස් ඇත්තේ මගේ අයියා මම ද ඉතාලියේ රැකියාව කරනවා ජනවාරි මස 23 වැනි දින අයියා දුරකථනයෙන් මට කතා කළා.මම ඒ අවස්ථාවේ ආහාර ගැනීමට සූදානම්ව සිටියේ කෑම කාලා කෝල් එකක් ගන්නම් කියලා අයියට කිව්වා.
මොහොතකින් මිතුරෙක් මට කතා කරලා කිව්වා අයියා ගෙල වැල දා ගන්නා ආකාරය ෆේස්බුක් මගින් සජීව විකාශනය වෙනවා කියලා.මමත් එම වීඩියෝ දර්ශන දැක්කා.ඒ මොහොතේම මම ඒ ස්ථානයට ගියා අයියා ගෙල වැල දාගෙන මිය ගොස් සිටියා.
බිදෙණිය,උඩුබද්දාව පදිංචි මියගිය අයගේ බිරිය වූ එමීර් තාරා මේබල්(26) නමැත්තිය ද සාක්ෂි දෙන ලදී.
මිය ගොස් ඇත්තේ මගේ විවාහක ස්වාමි පුරුෂයා විවාහ වෙලා මාස පහක් වෙනවා.ඔහු ඉතාලියේ රැකියාව කරනවා.මට ඉතාලියට එන්න කියලා කීපවතාවක් කිව්වා. මම ඉතාලියට යාමට අකමැත්ත ප්‍රකාශ කළ නිසා දෙදෙනා අතර නිතරම බහින්බස් වීම් ඇති වුණා. ඇතැම් දිනවල සෝස් නහය,කටට සහ ඇඟේ තවරාගෙන ලේ පෙරාගෙන සිටින බවට වීඩියෝ දර්ශනවලින් මට පෙන්වනවා.
අවසන් කටයුතු කිරීම සඳහා බිරිය විසින් ස්වාම්පුරුෂයාගේ මෘතදේහය භාරගැනීමට අකමැත්ත ප්‍රකාශ කළා.එහෙත් මරණ සහතික ඇය විසින් ඉල්ලා සිටියා.ඇය වෙත මරණ සහතිකය නිකුත් නොකළ අතර මෘත දේහය අවසන් කටයුතු කිර්ම සඳහා මියගිය අයගේ මල්ලි වෙත භාර දෙන ලදී.
මීගමුව රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි අයි.එම්.තිබ්බටුවාව මහතා 18 වැනි දින පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් ගෙල වැලලාගෙන හුස්ම හිරවීමෙන් සිදු වූ මරණයක් බව සඳහන් කර තිබුණි.
මීගමු නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගෙන මෙම මරණය ගෙළ වැළලාගෙන සිය දිවි හානිකර ගැනීමක් බව තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. ගුවන්තොටුපල පොලීසියේ පොලිස් නිලධාරි (98095) මධුවන්ත මහතා සාක්ෂි මෙහෙයවීය.
(ඩී.මිහිඳුකුල – දිනමිණ)
