අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හැට දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මගේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා.ඒ පෙබරවාරි 27 වෙනිදා දක්වායි.
පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (23) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී කලහකාරී ලෙස හැසිරී තිබුණි.
පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේගේ හිසට පොලිස් නිලධාරියකු විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බව ඔහුගේ නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය.
ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් මතුව ඇති බවද ඒ මහතා සදහන් කර සිටියේය.
