විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතනයක ප්‍රධාන නිලධාරියෙකුගේ මාසික වැටුප හා දීමනාව රුපියල් ලක්ෂ 40 ක් ලබාගන්නා බව වාර්තා වේ.
2009 වසරේ සිට මේ දක්වා මෙම ආයතනයේ පාඩුව රුපියල් කෝටි 90,000 යයි ගණන් බලා ඇත.
ඊට අමතරව රාජ්‍ය ආයතනවලට රුපියල් කෝටි 18,900 දාස් නවසියක ණයක් ගෙවීමට ද තිබේ.
මෙම නිලධාරියා මුදල් සීමාවක් නොමැතිව ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කරන අතර එහි ණය මුදල ද ආයතනය විසින් ගෙවන බවත් හෙළි වී තිබේ.
ඒ මුදල් අමාත්‍යංශය විසින් රාජ්‍ය ආයතන වල වියදම් සීමා කිරීමට නිකුත් කර ඇති උපදෙස් ද නොසලකා හරිමිනි.
