Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

fuel

සිපෙට්කෝ පිරවුම්හල් 450ක අයිතිය විදෙස් සමාගම් තුනකට විකිණීමේ සූදානමක්

4 years ago

ලෝකයේ ප්‍රමුඛ පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට වෙළෙඳපොළ විවෘත කරමින් රට පුරා පිහිටි ඉන්ධනහල් 1197 න් 450 ක් ලබාදීම අවසන් අදියරට පැමිණ ඇතැයි බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අදාළ සමාගම් තුනට පිරිපහදු ඉන්ධන මෙරටට ගෙනැවිත් ගබඩාකර බෙදා හැරීමේ අවසරය ලබාදෙමින් ඉන්ධන හල් 150 බැගින් එම සමාගම්වලට ලබාදෙන බවද හෙතෙම කීය.

මේ වනවිට දැනට මෙහෙයුම් සිදුවන ඉන්ධනහල් 450 වෙන් කිරීමේ කටයුතු සිදුවන බවද එම නිලධාරියා සඳහන් කළේය. ඉන්දියාවේ භාරත් පෙට්‍රෝලියම්, ෂෙල් සහ සෙනොපෙක් යන සමාගම් තුන බොහෝ දුරට මෙරට ආයෝජනයට පැමිණෙනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.

මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්වන සමාගම් සමඟ ගිවිසුම් ගතවීමට අදාළ කටයුතු අවසන් වූ සැණින් මෙය ක්‍රියාත්මක කර ඉන්ධන මිල තරගකාරී තැනකට පත් කිරීම සැලසුම බවද හෙතෙම කීය.

පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක් වූ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාද සඳහන් කළේ ඉන්ධන සඳහා තරගකාරී මිලක් ඇති කිරීම වෙනුවෙන් මෙලෙස විදේශීය සමාගම තුනක් සඳහා මෙරට ඉන්ධන හල් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.