අපේක්ෂිත පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් මාර්තුවේදී නොලැබුණහොත් රටේ අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් සංචිතයක් තබාගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් ඉදිරි මැතිවරණය සඳහා යන වියදම පිළිබද නිවැරදි අයවැයක් ලබාදෙන ලෙස තමා මුදල් අමාත්‍යාංශයට කියූ බව ද ජනාධිපතිවරයා කියාසිටී.
“අපි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, අපගේ වියදම් ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුයි. අයවැය හදන්නේ මුළු වසර සඳහාමයි. එබැවින් අපට තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකියි. අප සාකච්ඡා කරන IMF අරමුදල් අපේක්ෂිත පරිදි මාර්තු මාසයේදී නොලැබුණහොත් අපට සංචිතයක් තබා ගත යුතුයි.
මැතිවරණ පිරිවැය පිළිබඳව අපට තවම පැහැදිලි නෑ. මැතිවරණ කොමිසම එය රුපියල් බිලියන 10 ලෙස ඇස්තමේන්තු කළ නමුත් ඉල්ලුවේ බිලියන 6යි. පොලිසිය ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියා. අපට දැන් තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් ඒවා අධ්‍යයනය කර නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස මම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා.”
