ඉන්ධන QR කේත ක්‍රමවේදය අප්‍රේල් 10 වැනිදා වනවිට ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම පියවර ගන්නා බව එම සංස්ථාව සඳහන් කළා.
UPDATE – 12.35PM
ජාතික ඉන්ධන බලපත්‍රය ට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ අප්‍රේල් 10 වනදා සිට එය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවය. ජනපති නියෝගය මත QR ක්‍රමවේදය අප්‍රේල් 10වන දින සිට ඉවත් කරන බවට ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රකාශ කළ බවට පැතිර යන පුවත අසත්‍ය බවයි ඒ මහතා පවසන්නේ.
දත්ත විශ්ලේෂණය කර ක්‍රමානුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.
දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ගන්නා බව ඔහු පැවසීය.
