Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමෘද්ධි ඇතුළු රජයේ දීමනා 52කට හිමිකම් කියන ප්‍රතිලාභීන් සඳහා විශේෂ දැනුම්දීමක්

4 years ago

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කෙරෙන සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලද පුද්ගලයින් හඳුනාගැනීමේ දත්ත සමීක්ෂණය මාර්තු 31 වනදායින් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සුබසාධක ප්‍රතිලාභ අයැදුම්කරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ක්ෂේත්‍ර නිලධාරීන්ට නිවැරදි හා කාලෝචිත දත්ත ලබා දෙන ලෙස ය.

එමෙන්ම නියමිත දිනට පෙර දත්ත සැපයීමට අපොහොසත් වීම ප්‍රතිලාභ අහිමි වීමට හේතු විය හැකි බවද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන ආකාරයට නිලධාරීන් 6728 ක් යොදවා ඇත.

සංවර්ධන නිලධාරීන් 3190, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494ක්, ග්‍රාම නිලධාරීන් 205ක්, වෙනත් නිලධාරීන් 1127ක් සහ තාවකාලිකව බඳවා ගත් 1712 දෙනකු ඊට ඇතුළත්ය.

අදාළ නිලධාරීන් වෙත නිවැරදි තොරතුරු ලබා දීමට අයැදුම්කරුවන් කටයුතු කළ යුතු අතර එහිදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ ලේඛනයේ ලියාපදිංචි අංකය හෝ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කළ යුතුය.

එසේම වකුගඩු රෝගී සහ ආබාධිත පුද්ගලයින්ගේ සායන සහ වෛද්‍ය වාර්තා, ජල හා විදුලි බිල්පත් ද ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.